2010-09-30

පරිඝණක ජාලයක් අපිට ඕන කරන්නෙ ඇයි?

       ඇත්තටම ඇයි අපි නෙට්වර්ක් එකක් හදා ගන්නෙ? කෙනෙක් කියයි, මට ඔෆිස් එකේ ලැප් එකෙන් කරන ඩොකියුමන්ට් වැඩ ගෙදර ඇවිත් ඩෙස්ක්ටොප් මැෂින් එකට කොපි කරල නිකං පොඩි බැක්-අප් එකක් එහෙම හදාගන්න පුලුවන් කියල. ඔවි ඉතින් ඒකට නෙට්වක් කරන එක හොදයි තමයි, ඒත් ඔය ටිකම පෙන් ඩ්‍රයිව් එකකිනුත් පුලුවන්නෙ, මොකටද නෙට්වර්ක්?


       ඇත්තටම නෙට්වර්ක් එකකින් ගොඩක් වාසි තියෙනව. පොඩි සාම්පල් එකකට ඉසසෙල්ල උදාහරනෙම ගම්මුකො. හොදයි ඔන්න දැන් එ කෙනා ලැප් එකෙන් ඩෙස්ක්ටොප් එකට පෙන් එකකින් ෆයිල් මාරු කර කර ඉන්නව. ඔහොම ඉන්න ගමන් එයාගෙ ඩොකියුමන්ට් එකක් ප්‍රින්ට් කරගන්න වෙනව. දැන් ඉතින් මොනවද කරන්නෙ, ලැප් එකෙන් පෙන් එකට කොපි කරල, පෙන් එක ඩෙස්ක්ටොප් මැෂින් එකට ප්ලග් කරල වැඩ ගොඩයි නෙ. මොකද හිතන්නෙ මේ කම්පියුටර් දෙක නෙට්වර්ක් කරල තිබ්බනම්... කෙලින්ම ලැප් එකෙන්ම ඩෙස්ක්ටොප් මැෂින් එකේ තියන ප්‍රින්ටර් එකට ප්‍රින්ට් එක යවාගත්තැහැකි. ආයෙ අරවගේ දුක්විඳින්න ඕනෙ නෑ. අනික වැඩේට විනාඩියක් වත් යන්නෙ නෑ.

       ඒක ඉතින් උදාහරණයක් විතරයි. එතන වුනේ ප්‍රින්ටර් එක කම්පියුටර් දෙකටම පොදු වෙන විදියට ෂෙයා කරල තිබ්බ එකයි. එතකොට ප්‍රින්ටර් එක මොන මැෂින් එකේ තිබ්බත්, තමන් වැඩකරන මැෂින් එකේ තියෙන්න වාගෙම වැඩ කෙරුවැහැකි. ඔය වගේ ප්‍රින්ටර, සි.ඩී. රොම්, හාඩ් ඩිස්ක් පිටින්ම වුනත් කෙලින්ම ෂෙයා කෙරුවැහැකි. එතකොට ලැප් එකේ හාඩ් එකේ තියෙන ෆිල්ම් එකක් බලන්න ලැප් එකටම යන්න ඔනෙ නෑ. ඒ කියන්නෙ හාඩ්වෙයා උපාංග, නැත්නම් රිසෝස් (resource) ෂෙයා කරගත්තැහැකි.

       තව ඉතින් මැෂින් එකක් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කෙරුවාම තියෙන වාසි ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අපිට ඊමේල් යැව්වැහැකි, චැට් කෙරුවැහැකි, වෙබ් සයිට් වලට ගියෑකි. ඒ කියන්නෙ විවිධ තොරතුරු හුවමාරු කරගත්තැහැකි. වෙනත් වචනෙකින් කියනවනම් ඉන්ෆොමේෂන් ෂෙයාරින් (information sharing) කරන්න පුලුවන්.

       තවත් කියනවනම් දැන් අර කෙනාගෙ පෙන් එක නැතිවුනොත් හරි කව්රුහරි ඉස්සුවොත් හරි සේරම ඩොකියුමන්ට්ස් ටික ඉවරයිනෙ. මොකද ඉතින් පෙන් එක ගත්ත කියන්නෙ ෆයිල් ටික ගත්ත කියන එකම තමයි. සමහර පෙන් වල නම් පොඩි පොඩි ගැජමැටික්ස් තිබ්බට ඒව ඒතරම්ම දීර්ඝකාලීනව සාර්ථක නැති වෙන්න තමයි ගොඩක්ම ඉඩකඩ තියෙන්නෙ. ඒත් නෙට්වර්ක් කරල තිබ්බනම් ඉතින් ආයෙ නෝ කතා නෝ සිනා තමයි. එක්කො ලැප් එක උස්සන්න ඕනෙ, නැත්නම් ගෙදර මැෂින් එක. ඒ දෙකම ඉතින් පෙන් එකක් වගේ ලේසියෙන් නැතිවෙන්නෙ නෑනෙ. ඉතිං ඔහොම බලන් යනකොට කියන්න වෙන්නෙ මේ... ෂෙයාරින් වැඩ වලදි නෙට්වර්ක් කරන එකෙන් සෙකියුරිටි එක ටිකක් වැඩි කරගත්තැහැකි කියල තමයි.

       නෙට්වර්ක් කරපුවම අඩු සම්පත් ප්‍රමාණයක් බෙදාගෙන පාවිච්චි කරන නිසා නඩත්තුව ලේසිය. දැන් ප්‍රින්ටර් එකක් ෂෙයා කරපු ගමන් කීපදෙනෙක් එක පාවිච්චි කෙරුවට නඩත්තු කරන්න ඕනෙ එක ප්‍රින්ටරයයි. ඒ කියන්නෙ මේන්ටේන් එක ලේසියි කියන එකයි.

       සාරාංශයක් ගත්කාම නෙට්වර්ක කරපු තැනක අඩු උපකරණ ප්‍රමාණයක් වැඩි පිරිසකට බෙදාගෙන පාවිච්චි කරන්න පුලුවන්. ඒත් එක්කම පාවිච්චි වෙන හාඩ්වෙයා ප්‍රමාණය අඩුවන විට නඩත්තුව ලේසිය. තව ඊමේල්, චැට් වගේ ඒවලින් විවිධ තොරතුරු හුවමාරු කරගත්තැහැකි. තව ආරක්ෂාවත් වැඩි කරගත්තැහැකි.

No comments:

Post a Comment

මේ පෝස්ට් එකේ මොනව හරි වැරැද්දක් හරි මේ ගැන මොනව හරි දෙයක් තියෙනවනම් මෙතන ටයිප් කරන්න (Anonymous Comment එකක් වුනත් කමක් නෑ)