2010-10-02

ප්‍රධාන නෙට්වර්ක් වර්ග

       නෙට්වර්ක් කිව්වම ඉතිං ගොඩක් නෙට්වර්ක් වර්ග තියෙනව. සාමාන්‍යයෙන් ඒ ඔක්කොම වගේ ප්‍රධාන කොටස් කීපෙකට වෙන් කරන්න පුලුවන්. සාමාන්‍යෙයන් නෙට්වර්ක් එකක් විහිදෙන පරාසය අනූව තමයි මේ වර්ග කිරීම වෙන්නෙ.
       ඒ වර්ගකිරීම් වල මුලින්ම තියෙන්නෙ PAN (Personal Area Network) කියන එකයි. තේරෙන විදියට කියනවනම්, අපි හැමෝම වගේ ෆෝන් වල බ්ලූටූත් පාවිච්චි කරල තියනව. අන්න එතන තමයි පෑන් එකකට හොද උදාහරණයක් වෙන්නෙ. අපි ෆෝන් - ෆෝන්, ෆෝන් - පීසී කනෙක්ට් කෙරුවම තියෙන්නෙත් පෑන් එකක් තමයි. පෑන් එකක විශේෂත්වෙ තියෙන්නෙ සම්බන්ධ වන උපකරණ සාමාන්‍යයෙන් පේන මානයේ, එනම් අඩි 50ට අඩුවෙන් තිබීමයි. මෙම ක්‍රමයටද සාමාන්‍ය ජාලයක කරන දේවල් කරන්න පුලුවන්. ඒ කියන්නෙ ප්‍රින්ටර්, ෆයිල් ෂෙයා කරන වගේ ඒව කෙරුවැහැකි. මෙහිද රැහැන් රහිත, එනම් වයර්ලස් (Wireless) ක්‍රමයක් පවතියි.

       දෙවනියට තියෙන්නෙ LAN (Local Area Network) කියන එකයි. අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙත් මේ නෙට්වර්ක් වර්ගය තමයි. හුඟක් ඉන්ටර්නෙට් කැෆේ වල, ඔෆිස් වල පාවිච්චි වෙන්නෙ මේ ජාතියයි. සාමාන්‍ය ගෙදර පාවිච්චියටත් මේ නෙට්වර්ක් වර්ගය යොදා ගන්නව. වේගය අතින් ගත්තාම නම් හොඳ වේගයක් ලබාගන්න පුලුවන් මාදිලිද මෙම වර්ගයේ ඇත. එනම් තත්පරයට ගිගාබිට්ස් 1 (1Gbps) ක පමණ වේගයක් දක්ව ලෑන් එක සහය දක්වනව. තවද එහි පැරණි සංස්කරණ වලදි 10Mbps හා 100Mbps වැනි සංස්කරණද වේ. විශේෂ ක්‍රියාමාර්ගයක් පාවිච්චි නොකරනවනම් මීටර් 100 දක්වා ජාලය විහිදුවන්න පුලුවන්. ලෑන් එකෙත් වයර්ලස් මාදිලියක් ඇත.

       තුන්වෙනියට නම් තියෙන්නෙ ඒතරම් අහල පුරුදු නැති එකක් වෙන්න පුලුවන්. ඒකට කියන්නෙ CAN (Campus Area Network). මේවා සාමාන්‍යයෙන් ලෑන් එකකට වඩිය විශාලයි.

       හතරවෙනියට තියෙන්නෙ MAN (Metropolitan Area Network) කියන එකයි. මේ නෙට්වර්ක් එක ලෑන් සහ කෑන් වල එකතුවක්. ඒක නිසා මේ ජාල වර්ගය කෑන් එකකට වඩා විශාලව විහිදුන එකක්.

       අන්තිමේටම තියෙන්නෙ WAN (Wide Area Network) එකයි. මේ නෙට්වර්ක් එක අනිත් නෙට්වර්ක් වලට වඩා වෙනස්ම විදියකටයි ක්‍රියාත්මක වෙන්නෙ. මේ නෙට්වර්ක් ජාතියට හොදම උදාහරණය වෙන්නෙ ඉන්ටර්නෙට් එකයි.

No comments:

Post a Comment

මේ පෝස්ට් එකේ මොනව හරි වැරැද්දක් හරි මේ ගැන මොනව හරි දෙයක් තියෙනවනම් මෙතන ටයිප් කරන්න (Anonymous Comment එකක් වුනත් කමක් නෑ)