වර්ථමානයේ පොත් සාප්පුවකට ගොඩවී පරිඝණක ගැන සදහන් පොත් හොයල බලපු ගමන් ගොඩක් පොත් තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. නැත්නම් ඉතින් සිංහලෙන්නෙ. ඒත් පොඩි අවුලකට තියෙන්න, මෙහෙම සිංහලෙන් ලියපු පොත් තිබුණට එවයේ තියෙන විශය කරුණුයි පොතේ ගානයි බලනකොට ඒ පොත් වලින් වැඩිහරියක්ම ඉතා අසාධාරණ මිලකට අලෙවි කරන ඒවයි.
ඉතින් මං මේ බ්ලොග් එක දැම්මෙ එහෙම පොත් ලියන අයව විවේචනය කර කර ඉන්නවත්, ඒ පොත් වල තියන දේම මේකෙ දාලා තවත් බොරුවක් කරන්නවත්, නැත්නම් එහෙම හරි කරල මේ බ්ලොග් එකේ ඇඩ් ටිකක් දාල කීයක් හරි හම්බකරගන්න ට්‍රයි එකක් දාන්නවත් නෙමෙයි.
තවත් පැහැදිලිව කියනවනම් මේ බ්ලොග් එක ලියන මාත් කම්පියුටර් නෙට්වර්කින් වලට එක්පර්ට් කෙනෙක් නම් නෙමෙයි. මාත් තාම නෙට්වර්කින් ඉගෙන ගන්න ගමන් තමයි මේක ලියන්නෙ. එක හින්ද මං මේ ලියන පෝස්ට් වල සමහර වෙලාවට වැරදි වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනව. එත් මං ඒක අවම කරන්න උපරිම උත්සහ දරනව. මං දන්න පොඩි දේ හැකි උපරිමයෙන් කැමති ඕනෑම කෙනෙක් එක්ක බෙදාහදාගන්න එක තමයි මේ බ්ලොග් එක හරහා මං කරන්නෙ.
No comments:
Post a Comment
මේ පෝස්ට් එකේ මොනව හරි වැරැද්දක් හරි මේ ගැන මොනව හරි දෙයක් තියෙනවනම් මෙතන ටයිප් කරන්න (Anonymous Comment එකක් වුනත් කමක් නෑ)