2010-10-02

ප්‍රධාන නෙට්වර්ක් වර්ග

       නෙට්වර්ක් කිව්වම ඉතිං ගොඩක් නෙට්වර්ක් වර්ග තියෙනව. සාමාන්‍යයෙන් ඒ ඔක්කොම වගේ ප්‍රධාන කොටස් කීපෙකට වෙන් කරන්න පුලුවන්. සාමාන්‍යෙයන් නෙට්වර්ක් එකක් විහිදෙන පරාසය අනූව තමයි මේ වර්ග කිරීම වෙන්නෙ.

2010-09-30

පරිඝණක ජාලයක් අපිට ඕන කරන්නෙ ඇයි?

       ඇත්තටම ඇයි අපි නෙට්වර්ක් එකක් හදා ගන්නෙ? කෙනෙක් කියයි, මට ඔෆිස් එකේ ලැප් එකෙන් කරන ඩොකියුමන්ට් වැඩ ගෙදර ඇවිත් ඩෙස්ක්ටොප් මැෂින් එකට කොපි කරල නිකං පොඩි බැක්-අප් එකක් එහෙම හදාගන්න පුලුවන් කියල. ඔවි ඉතින් ඒකට නෙට්වක් කරන එක හොදයි තමයි, ඒත් ඔය ටිකම පෙන් ඩ්‍රයිව් එකකිනුත් පුලුවන්නෙ, මොකටද නෙට්වර්ක්?

2010-09-29

පරිඝණක ජාලයක් කියන්නෙ මොකක්ද?

       ප්‍රශ්නෙ නම් ගොඩක් සරලයි වගේ තමයි පේන්නෙ. මාත් හුඟක් අයගෙන් මේ ප්‍රශ්නෙ අහල තියෙනව. හුඟක් අයගෙ උත්තරේ තමයි, කම්පියුටර් දෙකක් හරි ඊට වැඩි ගානක් හරි එකට සම්බන්ධ කරන එක තමයි නෙට්වර්කින් කියන්නෙ කියල. ඒකත් ඉතිං එක අතකට හරි, ඒත් මේ කියන විදියට සම්බන්ධ කරපු පලියටම නෙට්වර්ක් වෙනවද කියල මං ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? අපි මෙහෙම සරලව හිතමුකො, මැෂින් දෙකක් ලනුවකින් ගැටගහනව... ; ) දැන් ඉතින් මැෂින් දෙක සම්බන්ධ වෙලානෙ තියෙන්නෙ... එව්නාට එතන නෙට්වර්ක් එකක් වෙයිද? කවදාවත් නෑනෙ, ඒ කියන්නෙ නෙට්වර්ක් එකක් වෙන්න නම් ආවට ගියාට සම්බන්ධ කරල කොහෙත්ම හරියන්නෙ නෑ කියන එකයි.

2010-09-15

හැඳින්වීම

       වර්ථමානයේ පොත් සාප්පුවකට ගොඩවී පරිඝණක ගැන සදහන් පොත් හොයල බලපු ගමන් ගොඩක් පොත් තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. නැත්නම් ඉතින් සිංහලෙන්නෙ. ඒත් පොඩි අවුලකට තියෙන්න, මෙහෙම සිංහලෙන් ලියපු පොත් තිබුණට එවයේ තියෙන විශය කරුණුයි පොතේ ගානයි බලනකොට ඒ පොත් වලින් වැඩිහරියක්ම ඉතා අසාධාරණ මිලකට අලෙවි කරන ඒවයි.