ප්‍රශ්නෙ නම් ගොඩක් සරලයි වගේ තමයි පේන්නෙ. මාත් හුඟක් අයගෙන් මේ ප්‍රශ්නෙ අහල තියෙනව. හුඟක් අයගෙ උත්තරේ තමයි, කම්පියුටර් දෙකක් හරි ඊට වැඩි ගානක් හරි එකට සම්බන්ධ කරන එක තමයි නෙට්වර්කින් කියන්නෙ කියල. ඒකත් ඉතිං එක අතකට හරි, ඒත් මේ කියන විදියට සම්බන්ධ කරපු පලියටම නෙට්වර්ක් වෙනවද කියල මං ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? අපි මෙහෙම සරලව හිතමුකො, මැෂින් දෙකක් ලනුවකින් ගැටගහනව... ; ) දැන් ඉතින් මැෂින් දෙක සම්බන්ධ වෙලානෙ තියෙන්නෙ... එව්නාට එතන නෙට්වර්ක් එකක් වෙයිද? කවදාවත් නෑනෙ, ඒ කියන්නෙ නෙට්වර්ක් එකක් වෙන්න නම් ආවට ගියාට සම්බන්ධ කරල කොහෙත්ම හරියන්නෙ නෑ කියන එකයි.
ඉතින් මොනවිදියෙ සම්බන්ධයක්ද තියෙන්න ඕනෙ? කම්පියුටර් දෙක හරි කීපයක් හරි ඇතුලතින්ම නැත්නම් තේරෙන සිංහලෙන්ම කියලවනම් නියමිත විදියට හදාපු ඉන්ටර්කනෙක්ෂන් (inter-connection) එකක් තියෙන්න ඕනෙ. ඒ කියපු ඉන්ටර්කනෙක්ෂන් එකෙන් තමයි අපිට ඕන කරන ෆයිල්, එක එක හාඩ්වෙයා, අරව මේව ඔක්කොම ෂෙයා කරගන්න පුලුවන්. අපි ඉස්සරහ පාඩම් වලදි බලමු කොහොමද මේව කරන්නෙ කියල.
අන්තිමටම ඉතිං මේකෙ සාරාංශෙ ගත්තාම කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නෙ කම්පියුටර් කම්පියුටර් අතර ඇතුලතින්ම ඈඳපු සම්බන්ධතාවකටයි. ඒකෙන් ඉස්සෙල්ල කිව්ව වගේ ෆයිල්, හාඩ්වෙයා වගේ දේවල් ෂෙයා කරගත්තැහැකි.
No comments:
Post a Comment
මේ පෝස්ට් එකේ මොනව හරි වැරැද්දක් හරි මේ ගැන මොනව හරි දෙයක් තියෙනවනම් මෙතන ටයිප් කරන්න (Anonymous Comment එකක් වුනත් කමක් නෑ)